අද (13) උදෑසන 06.30 සිට වැඩවර්ජනයක නිරත වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් තීරණය කර තිබේ.
හෙද සේවාවේ ඉල්ලීම් කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන් සමස්ත ලංකා හෙද සංගමයද හෙට (14) කොළඹ දී විරෝධතාවක් පවත්වන බව ලේකම් එස්.බී මැදිවත්ත මහතා පැවසුවේය.
අද ආරම්භ කල වර්ජයනය, වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාවට සමාන දීමනාවක් තමන්ට ද ලබාදෙන මෙන් කෙරෙන ඉල්ලීමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.