මට ජීවිතේ එපා වෙලා තිබුණේ – මේගන් මේකල් (Video)

එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව පවසා සිටියාය.

ලෝකය පුරාම මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් දින කිහිපයක සිටම විවාද සම්පන්න සාකච්ඡා ඇතිවී තිබිණ. එහෙත් එය විකාශය වූයේ ඊයේ (ඉරිදා) රාත්‍රියේදීය.

එංගලන්ත රජ පවුලට සම්බන්ධව සිටියදී එහි තිබූ ජාතිවාදය පිළිබඳ තමන්ට අනියත බියක් පැවැති බවත් ඇය කියා සිටියාය.

රාජකීය ජීවිතයෙන් නිල වශයෙන් ඉවත්වීම පැහැදිලි කරමින් මේගන් කියා සිටියේ තමන් මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතරතුරදී ඇයට උදව් නොලැබුණු බවත්, තමන්ව බොරුවලින් ඉලක්ක වූ බවත්, ඇගේ නූපන් පුතාගේ සමේ පැහැය පිළිබඳව රජ පවුලේ උදවිය නිල වශයෙන් සැලකිලිමත් වූ බවත්ය.

එංගලන්තයේ ඔටුන්න හිමි II වැනි එළිසබෙත් රැජිනගේ මුණුබුරා වන හැරී කුමරුන්ගේ බිරිඳ, මේගන් මේකල්, ඇමරිකානු ජාතික කාන්තාවකි. ඇයගේ පියා සුදු ජාතිකයකු වන නමුත් මව කළු ජාතික කාන්තාවකි.

සුප්‍රකට මාධ්‍යවේදිනියක වන ඔපාරා වින්ෆ්රි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මේගන් මේකල් කළ ප්‍රකාශයන් හේතුවෙන් එංගලන්ත රජ පවුලේ අභිමානය දෙදරා ගොස් තිබේ.

“මට … තවදුරටත් ජීවත් වෙන්න වුවමනාවක් තිබුණේ නෑ. එය ඉතා පැහැදිලිවම, සැබෑ ලෙසින් බිය උපදවන නිරන්තර සිතුවිල්ලක් වුණා” ඇය වින්ෆ්රිට පැවසුවාය.

ඇයට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇතිවූයේ යයිද ඇසූ විට මේගන් පිළිතුරු දුන්නේ “ඔව්… එය ඉතා පැහැදිලියි” යනුවෙනි.

එම අවස්ථාවේ ඇයට දැණුනු හැඟීම් සිහිපත් කරමින් ඇය පැවසුවේ “මම බයයි, මන්ද එය හැම අතකින්ම සැබෑ හැඟීමක්.. එය කොහෙන් හෝ පාවී ආ අදහසක් නොවේ…. ඒක සැබෑ අදහසක් වුණා… ඒත් ඒම ම නෙමේ” යයිද ඇය පැවසුවාය.

39 හැවිරිදි මේගන්, තම පුතාගේ සම කෙතරම් අඳුරු වනු ඇත්ද යන්න ගැන රාජකීයයන්ගේ “කනස්සල්ල” සම්බන්ධයෙන් බියවී සිටියාය. ඇගේ පුතු වන ආචීගේ පෙනුම පිළිබඳ රාජකීයයන්ගේ උනන්දුව ගැන මෙන්ම 2019 මැයි මාසයේ උපත ලැබීමට පෙර සිටම ඔහුට හිමිවිය යුතු ආරක්ෂාව පිළිබඳවද මහරැජිනගේ මුණුබුරා වන හැරී සිය බිරිඳට හෙළිදරව් කර තිබිණ. ආචි කුමරුන් උපත ලද්දේ 2019 මැයි මස 6 වැනිදාය.

“මම ගැබිනියක්ව සිටි ඒ මාසවලදී … “ඔහුට ආරක්ෂාව දෙන එකක් නෑ… ඔහුට (රාජකීය) තනතුරක් දෙන එකක් නෑ…වගේ දේවල් අපි එක දිගට ඒ ගැන සාකච්ඡා කළා”. ඔහුගේ සමේ පැහැය කෙතරම් අඳුරු විය හැකිද යන්න ගැනත් ඔහු උපදින්න පෙර ඉඳන්ම සාකච්ඡා ඇතිවුණා” යයි මේගන් ඔපාරා වින්ෆ්රිට පැවසුවාය.

රාජකීය යුවළ උතුරු ඇමරිකාවට පදිංචියට යාමේ තීරණයෙන් පසු මේගන් මේකල් සම්බන්ධයෙන් බි්‍රතාන්‍ය පුවත්පත්වල විවිධ ආකාරයෙන් ඇය සම්බන්ධයෙන් වාර්තා කෙරිණ. ඔවුන් කියා සිටියේ හැරී කුමරුන් සහ බිරිඳ සිය පුතුද රැගෙන ඇමරිකාවට යාම නොසැලකිලිමත් හා ආත්මාර්ථකාමී තීරණයක් ලෙසිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *