නිවාඩුවක් ගත කරන්න ලංකාවට ආ බ්‍රිතාන්‍ය පවුලේ අම්මයි පුතයි ෂැන්ග්‍රීලා පිපුරුමට ගොදුරු වෙයි! දුව අතුරුදහන් (Photos)

Anita Nicholson නමැති 42 හැවිරිදි කාන්තාවක් හා ඔහුගේ පුතනුවන් වන 11 හැවිරිදි Alex Nicholson ඊයේ උදෑසන 8.30 පමණ ආහාර ගනිමින් සිටියදී කොළඹ Shangri La හෝටලයේ පිපිරීමෙන් මිය ගොස් තිබෙනවා. ඔවුන් බ්‍රිතාන්‍ය ජාතිකයින්. මිය ගිය කාන්තාවගේ සැමියා හා දියණියත් පුතාත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ කෙටි නිවාඩුවක් ගත කිරීමට බව සදහන් වෙනවා.

Ben Nicholson ගේ ජිවිත බේරී ඇති නමුත් දියණියගේ ජිවිතයට හානියක් සිදුව ඇතිද නැත්ද යන්න තවමත් තොරතුරක් නොමැති බවත් ඇය අතුරුදහන් වී ඇති බවත් සදහන් වෙනවා. බ්‍රිතාන්‍ය පුරවැසියන් වුවත් ඔහු සිංගප්පුරුව සමාගමක සේවය කරන අතර ඔහුගේ පවුලම ජිවත් වී ඇත්තේ සිංගප්පුරුවේයි.

ඔවුන් සමග පිපිරිම සිදුවූ දිනට පෙර දිනයේ කතා කිරීමට උත්සහ ගත් නමුත් සම්බන්ධ කර ගැනීමට ඔවුන්ගේ ඥාතින්ට හැකියාව නොලැබුණු අතර ඒ ගැන ඔවුන් කණගාටුව පලකරන බවත් ඔවුන් විදෙස් මාධ්‍ය සදහා ප්‍රකාශ කර තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවේ පිපිරීම් සම්බන්ධයෙන් දැනගැනීමට හැකි වූ බවත් ඒ ගැන සොයා බැලීමේදී Anita හා පුතනුවන් මිය ගිය බවට දැනගැනීම හැකිවූ බවත් දියණිය අතුරුදහන් වී ඇති බවට දැනගැනීමට හැකි වූ බවත් මාධ්‍යට සදහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *