චීනයේ කොරෝනා වයිරසයෙන් බේරෙන්න ලාංකිකයන්ට පණිවිඩයක්

චීනයේ වුහාන් නගරයේ වාර්තා වූ කොරෝනා වයිරසය ඇතුළු ශ්වසන රෝගවලින් වැළකීමට ලේන්සුවකින් මුව ආවරණය කිරීම, දෑත් නිතර සබන් යොදා පිරිසුදු කිරීම, නිතර මුහුණ සහ නාසය ඇල්ලීමෙන් වැළකීම හා ජනාකීර්ණ ස්ථානයන්හි අනවශ්‍ය ලෙස ගැවසීම අවම කිරීම සුදුසු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසනවා.

විශේෂයෙන්ම කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් සහ වැඩිහිටියන් අධික තදබදය පවතින ජනාකීර්ණ ප්‍රදේශවල අනවශ්‍ය ලෙස ගැවසීම සහ ගමන්බිමන් යෑම අවම කිරීම මඟින් මෙම රෝගය පැතිරීම පාලනය කරගත හැකි යැයිද මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ කොරෝනා වයිරසය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන අතර එම රෝග ලක්ෂණ සහිත පුද්ගලයන් ලංකාවට පැමිණෙන්නේ දැයි හඳුනාගැනීමට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි සෞඛ්‍ය ඒකකය දැනුවත් කර පියවර ගෙන ඇති බවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.