ලෝ ප්‍රකට ඡායාරූපයේ කතාව සතුට ප්‍රකාශයද? කාන්තා අපයෝජනයක්ද?

දෙවැනි ලෝක යුද්ධයේ නිමාව සනිටුහන් කළ සැමරුමේදී නාඳුනන තරුණික් ප්‍රසිද්ධියේ සිපගත් ලෝ ප්‍රකට ඡායාරූපයේ සිටි ඇමෙරිකානු නාවික සෙබලාගේ වියෝවෙන් දිනකට පසුව, එම පිළිරුවේ කාන්තා රුවෙහි  #MeToo යන්න පින්තාරු කර තිබේ.

ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ප්‍රාන්තයේ, සරසෝටා හි වූ මෙම පිළිරුව නිර්මාණය කර තිබෙන්නේ, වර්ෂ 1945 තරම් ඈතට දිවයන එම ඡායාරූපය ඒ අයුරින්ම ප්‍රකට වන ආකාරයෙනි.

කෙසේ වෙතත්, රතු තීන්ත විදීමකින් මෙම කාන්තා පිළිරුවේ එක් පාදයක #MeToo යන්න පින්තාරු කර, තමන්ද (එම තරුණියද) අපයෝජනයකට ලක්වූ බව මෙය සිදුකළ තැනැත්තා හඟවා තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති පොලීසිය පවසන්නේ මෙම ක්‍රියාව නිසා පිළිරුවට සිදුව ඇති පාඩුව ඇ.ඩො. 1,000 ක් පමණ වන බවයි.

මෙම ඓතිහාසික ඡායාරූපය දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමේ සතුට සැමරූ අවස්ථාවක් ලෙස ඓතිහාසිකවම ප්‍රකට වුවත්, මෙය ලිංගික අපයෝජනයක් බවට මෑත කාලයේදී විවිධ මත ඉදිරිපත්ව තිබුණි.

එමෙන්ම, මෙම සිද්ධියේදී තරුණිය ප්‍රසිද්ධියේ සිපගත් නාවික සෙබල ජෝර්ජ් පසුගියදා සිය ජීවිතයෙන් සමුගත්තේය.

sailor-kissing-nurse

sailor-kissing-nurse

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *