ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභෝගික අධිකාරිය අවසර ලබාදි තිබෙනවා.
කර්මානත් හා වාණිජ කටයුතු හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේ ආනයනික කිරිපිට කිලෝග්‍රෑමයක මිල රුපියල් 60කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ නැංවිමට සමාගම්වලට අවසර දුන් බවයි.
ඒ අනුව කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 920 දක්වාත්, ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 370 දක්වාත් ඉහළ යනු ඇති.
ආනයනික් කිරිපිටි මිල ඉහළ දැමිමට අවසර ලබා නොදීම හේතුවෙන් පසුගිය දින කිහිය තුළ වෙළද පොලේ කිරිපිටි හිගයක් ද ඇති වූ අතර මේ හේතුවෙන් ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර ලබාදීම සහ කිරිපිට මිල ඉහළ නැංවිමට අදාළ නව මිල සුත්‍රයක් හඳුන්වාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.
ඊට අනුව කිරිපිටි මිල ඉහළ නැංවිම සඳහා අදාළ සමාගම්වලට අවසර ලබාදීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇති බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සඳහන් කළා.