දෙමටගොඩ පිපිරීමක් සිදුවු නිවසේ තිබී මිලියන ගණනක මැණික් හමුවේ

මරාගෙන මැරෙන ප්‍රහාර දෙකක් එල්ල කළ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු පදිංචිව සිටි දෙමටගොඩ ප්‍රදේශයේ නිවසේ තිබී මැණික් සහ විදෙස් මුදල් හමුවී තිබෙනවා.

ආරක්ෂක අංශ පරික්ෂා කිරීමේදී පිපිරීමක් සිදුවුයේ ද මෙම නිවසේයි.

රුපියල් මිලියන 30ක් වටිනා මැණික් ගල් තුනක්, ශ්‍රී ලංකාවේ මුදලින් මිලියන 15ක් මෙන්ම රුපියල් ලක්ෂ 5ක විදෙස් මුදල් ද එම නිවසින් සොයාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එමෙන්ම ස්වර්ණාභරණ තොගයක් ද අදාළ නිවසේ කළ සෝදිසියකදී සොයාගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *