රොයිටර්..CNN ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ‘අමුවෙන් මාළු කෑ ලංකාවේ හිටපු ඇමතිව’ අගය කරයි – දොස්තර පාදෙණිය හිටපු ඇමතිව පට්ට ගසයි

කොරෝනා වෛරස හේතුවෙන් මාළු පරිභෝජනයට ගැනීමට බියවී සිටින ජනතාවගේ බිය දුරු කිරීම සඳහා හිටපු ධීවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මාධ්‍ය සාකච්ඡාවකදී අමු මුළු පරිභෝජනයට ගැනීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

ජනතාවගේ බිය නැති කිරීම සඳහා හිටපු අමාත්‍යවරයා කළ මෙම ක්‍රියාව අගය කළ යුත්තක් බව කී එම වාර්තා කළ ජාත්‍යන්තර මාධ්‍ය වන්නේ, ස්කයි නිවුස්, යාහූ නිවුස්, ඩේලි මේල්, ගල්ෆ් ටුඩේ, ද ටෙලිග්‍රාෆ්, සී.එන්.එන්. නිවුස් සහ රොයිටර් යන මාධ්‍ය ජාලයනුයි.

මේ අතර මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පෙන්වා දෙන්නේ මාළුන්ගේ සම තුල බැක්ටීරියාවන් වර්ග සහ ක්‍ෂුද‍්‍ර ජීවී වර්ග ආහාර ජීරණ පද්ධතියට දැඩි ලෙස හානි කල හැකි බවයි.

එමෙන්ම ඔවුන් ඔවුන්ගේ ශරීරයේ බැක්ටීරියා සහ වෛරස් තවත් බොහෝ ප්‍රමාණයක් තිබෙන නිසා අමුවෙන් ආහාරයට ගැනීම මනුෂ්‍ය ශරීරයට අහිතකර බවද ඔහු කියා සිටියා.

අමුවෙන් මාළු ආහාරයට ගැනීම පෙන්වීම දරු පරපුරට නරක පූර්වාදර්ශයක් බවත් ඔහු සඳහන් කළා.

ඒ නිසා අනිවාර්යෙන්ම මාළු හොඳින් සෝදා පිරිසිදු කර පිසගෙන ආහාරයට ගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියා.

ජාත්‍යන්තර මාධ්‍ය පළ කළ වාර්තා කිහිපයක් පහතින්

You May also like

2 Comments

  1. Etakota japanun amuwen maalu kanawa neada . Aekata Paneniya makkai kiyanne . Japannu minisun noweada !

  2. Paseniya karanne pakshayakata kade yana ekane

Leave a Reply

Your email address will not be published. Required fields are marked *