බම්බලපිටියේ වෙඩි තැබීම ගැන මුදල් රාජ්‍ය ඇමති වාර්තාවක් කැඳවයි

සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත අදාළ උපදෙස් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඊයේ (07) පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිටි බවට සැක කෙරෙන ජීප් රථයක සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් වෑන් රථයකින් පැමිණි සුරාබදු නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

අනතුරුව වාහන දෙකම එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේ දී සුරාබදු නිලධාරීන් ගමන් කළ වෑන් රථය පොලිසිය භාරයට ගැනුණා.

එමෙන්ම එහි සිටි සුරාබදු නිලධාරීන් සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම සිද්ධියට අදාළ ජිප් රථය වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරින් වැල්ලවත්ත ප්‍රදේශයේ නවතා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබුණා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *