කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය ලඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර දෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරනවා.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
කෙසේ නමුත් මීට පෙර ඔහු විසින් සඳහන් කර ලද්දේ කොරෝනා රෝගීන් නිට්ටාවටම සුව වීම සඳහා දින තුනක් තම ඖෂධය උදේ හවස පානය කළ යුතු බවත් ආසාදිත නැති අයෙකු නම් දින දෙකක් උදේ හවස පානය කල යුතු බවත්ය.