විල්පත්තුව රක්ෂිත සීමාවේ එක බිම් අඟලක් හෝ තමන් විසින් කිසිවකුට හෝ ලබා නොදුන් බව ඇමති එස් එම් චන්ද්‍රසේන මහතා සඳහන් කරනවා.
එක බිම් අඟලක් හෝ ලබාදුන් බව කිසිවකු ඔප්පු කරන්නේ නම් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු කියා සිටියා.
විල්පත්තු රක්ෂිතය ආසන්නයේ කෝමාරිකා වගාවකට විශාල බිම් ප්‍රදේශයක් ලබා දුන් බවට එල්ල වන චෝදනා වලට පිළිතුරු දීම සඳහා කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.
මෙරට බැංකුවලින් කිසිදු ණය මුදලක් නොගත් තරුණයකු රාජාංගන ප්‍රදේශයේ කෝමාරිකා වගාවක් ආරම්භ කිරීම සඳහා පසුගිය රජය සමයේදී ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ බවත් ඔහු පැවසුවා.
එය එම ප්‍රදේශයට ගැලපෙන ව්‍යාපෘතියක් බවද කී ඇමැතිවරයා තමන් එම ආයෝජකයාට ජනතාව සම්බන්ධ කර දීමට තමන් පොරොන්දු වූ බව කියා සිටියා.