චීන පොහොර නෞකාව වරායේ තියෙන තැන ගැන අමාත්‍යවරය කියයි

අහිතකර බැක්ටීරියා ඇති බවට තහවුරුවීම හේතුවෙන් හරවා යැවුණු චීන කාබනික පොහොර ඇතුලත් නෞකාවට කිසිදු වරායකට ඇතුලු‍වීමට ඉඩ ලබානොදෙන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

අදාළ නෞකාව මෙරටට ඇතුල්වී ඇති බවට පැවසෙන වාර්තා අසත්‍ය බවත් එසේ බලහත්කාරයෙන් මෙරට වරායට ඇතුලු‍වීමට කිසිදු නෞකාවකට හැකියාවක් නොමැති බව බවත් ඒ පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම මෙරටට පැමිණෙන කිසිදු නෞකාවකට එසේ ඇතුල්වීමට හැකියාවක් නොමැති බවත් රටට ඇතුළු වීමට අවසරයක් අවශ්‍ය බවත් පැවසු ඔහු මෙම චීන පොහොර නෞකාව කිසිසේත්ම ඇතුලත් කර නොගන්නා බවද අවධාරණය කලේ කුමන හෝ නෞකාවකට රටට ඇතුළු වෙනවා නම් ඊට විමසීමක් සිදු කල අදාල අවසරයක් ලබා ගත යුතු බව ද සඳහන් කරමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *