ඇමතිවරුන්ට දෙන්නේ මාස 6යි -ප්‍රගති වාර්තාවක් කැඳවා තනතුරින් පහ කිරීමේ තීරණයක්

අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාස 6ක් ඉක්ම ගිය තැන වාර්තාවක් කැදවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සූදානමින් සිටින බව වාර්තා වනවා.

එම මාස 6 ඇතුළත අමාත්‍යවරයා සිය අමාත්‍යංශය තුළ සිදු කර ඇති වැඩ කොටස, ඉලක්ක සපුරාලීම, ආණ්ඩුවේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේද යන්න මේ මගින් සොයා බැලීමට නියමිතයි.

යම් හෙයකින් අදාළ ඇමැතිවරයා නිසි අයුරින් ක්‍රියා කොට නොමැති නම් ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට හෝ මාරු කිරීමටද ජනාධිපතිවරයා තීන්දු කර ඇති බව වාර්තා වනවා.

You May also like

1 Comment

  1. ඇමවරුන්ගේ ප්‍රගතිය නම් ඉතා හොඳින් මැනිය හැකිය. ඒ ඔවුන්ගේ හා ඔවුන්ට සමීපතමයින්ගේ බැංකු පොත නැමති ප්‍රගතිය වාර්තා කිරීමේ හා ඔවුන් සතුව ඇති. ඔප්පුතිරප්පු හා ව්‍යාපාර සංඛ්‍යාව අනුව. එහෙත් වංචාවෙන් පිරුණු රටක ඇමතිවරයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුගේ ප්‍රගතිය මැනීමට ඦන්දයකින් හෝ අවකාශ නොලැබේ. එයට හොඳම උදාහරණය පාලිත තෙවරප්පෙරුම මහතාට මෙවර අත්කර දුන් තින්දුවයි. තවද බහුත ඦන්ද සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වීමෙන් හා එල්ලුම්ගහට නියවූවෙකු ඦන්ද එක්ලක්ෂ තිස්තුදාහක් ලබාගැනීමෙන්ද රටේ ප්‍රගතිය මැනවින් දෘශ්‍යමානවේ. මේවා වෙනස්විය යුතු ය. එසේ නොවුණහොත් පාලනයට හෝ යහපත් ජීවනයකට අවශ්‍ය රටක් හෝ ඉතිරි නොවේ . ගන්නාවූ යහපත් තීරණ එක් කණ්ඩායමක් පමණක් නොව බහුතරයකගේ තීරණ අනුව විය යුතු ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *