බිල්ඩිමෙන් ගියත් සබීතට පාඩු නෑ – 2021ටත් තිස්තුන් කෝටියක් කුලී ගෙවලා

අධික කුලී මුදලක් ගෙවා බදු ගිවිසුමක් යටතේ සබීතා පෙරේරා සහ ඇගේ සැමියාගෙන් ලබාගත් රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල සඳහා 2021 මාර්තු මාසය දක්වා කුලී මුදල් එකවර ගෙවා වාර්තා වනවා.

ඒ අනුව 2021 මාර්තු මාසය දක්වා ඉදිරි මාස 14 සඳහා එහි අයිතිකරුට දැනටමත් ගෙවා දමා ඇති මුදල රුපියල් ලක්ෂ 3360 ක් වනවා.

අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් වුවද ගෙවන ලද කුලී මුදල ගොඩනැගිලි හිමිකරු විසින් නැවත රජයට නොගෙවන අතර මෙම ගොඩනැගිල්ලෙන් ඉවත් වීමෙන් රජයට සිදුවන රුපියල් ලක්ෂ 3360 පාඩුවක් බව වාර්තා වනවා.

මේ හේතුවෙන් මෙම ගොඩනැගිල්ලෙන් කල්තබා ඉවත් වීම ගැන රජයට දෙවරක් සිතා බැලිය යුතු යැයි එම අමාත්‍යාංශයේ වෘත්තිය සමිති ගණනාවක් අමාත්‍යාංශ බලධරයන්ට දැනුම්දී තිබෙනවා.

කෘෂිකර්ම විෂය භාර රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පසුගියදා ප්‍රකාශ කළේ වහාම රාජගිරියේ පිහිටි අධික කුලියට ලබාගත් ඩී.පී.ජේ. ගොඩනැගිල්ලෙන් අමාත්‍යාංශය ගොවිජන මන්දිරය වෙත ගෙන නොගියහොත් තමන් දරන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.