පොලිස් සන්නද්ධ කණ්ඩායමක් විසින් රැගෙන ගොස් මරා පුළුස්සා දමා ඇතැයි පැවසෙන බූස්ස රත්න උදාගම ව්‍යාපාරිකයින් මන්නාරම ප්‍රදේශයේ කරවල වාඩියක හංගාගෙන සිටින බවට එම පුද්ගලයන්ගේ නිවෙස්වලට නිර්නාමික දුරකථන ඇමතුම් ලැබෙන බවට රහස් පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.
අතුරුදන්ව සිටින මංජුල අසේල ගේ පියා වෙත පළමු දුරකථන ඇමතුම ලැබි තිබෙනුයේ පසුගිය 21 දා සවස 4 ටයි.
ඊට පැයකට පසුව යළි එම අංකයෙන්ම දුරකථන ඇමතුමක් ලැබි ඇති අතර ඒ පිළිබඳව අතුරුදන්ව සිටින මංජුල ගේ පියා වන ජි. පි. සෝමදාස මහතා මෙසේ පවාසනාව.
. ‘‘අපේ දරුවන් අතුරුදන් වෙලා දැන් මාසයකට වැඩියි. සි.අයි.ඩි එකේ මහත්තරු කියන්නේ මරලා පුච්චලා කියලා. ඒත් ගිය 21 ව්ැනිදා රත්ගම පොලිසියේ රථවාහන අංශයේ රාලහාමිලා දෙන්නෙක් අපේ ගෙදර ළගට ඇවිත් මංජුලගේ තාත්තද කියා අහලා මාගේ දුරකථන අංකය ඉල්ලාගෙන ගියා. ඊට විනාඩි දහයකට පස්සේ කොළඹ පොලිස් මූලස්ථානයෙන් කියලා සි .අයි දිසානායක කියා කෙනෙක් කථා කරලා කිව්වා ළමයි දෙන්නා කරදරයක් නැතිව ඉන්නවා.
මන්නාරම පැත්තේ කරවල වාඩියක හංගාගෙන ඉන්නේ. එයාලව බේරගන්න හෙට යනවා ඉතිං ඒකට වියදමක් යනවා රුපියල් පනස් දාහක් බැංකු ගිණුමකට දාන්න කියලා. පස්සේ ඊට පැයකට විතර පස්සේ ආයිත් කථා කරලා ඇහුවා අර වැඬේ හරිද කියා ඉරිදා හවස 2 වෙනකොට ඔයාලා කොළඹ මූලස්ථානයට එන්න එතකොට ළමයි දෙන්නා බලන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි රත්ගම හංදියේ උද්ඝෝෂනය කරපු දවසේ කොල් දිලා කිව්වා රුපියල් ලක්‍ෂ පහක් දුන්නොත් දෙන්නා නිදහස් කරන බව.”