පොලිසියෙන් ඉස්සූ රත්ගම දෙදෙනාගේ දුරකතන කලපුවෙන් මතුවූ ඡායාරූප (Photos )

ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදනාගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරාසන්න නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ කලපුවට දමා තිබියදි ගාල්ල නාවික කඳවුරේ කිමිදුම්කරුවන් මගින් අද (03) දහවල් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය පවසනවා.

මෙම දුරකථන එම ව්‍යාපාරිකයින් දෙදදෙනාගේම බවට ඉමි අංක සැසදීමෙන් තහවුරු වූ බව එහි සිටි නිලධාරියකු පැවසුවා.

ව්‍යාපාරිකයන්ගේ සිරුරු වලස්මුල්ල ප්‍රදේශයේදි පිළිස්සිමෙන් පසු මාතර දෙසට යන අතරතුර එම දුරකථන මෙම කලපුවට දැමූ බවට තොරතුරු ලැබී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *