රත්ගම තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමට පැමිණි සිවිල් පුද්ගලයා කවුද?..තවමත් අභිරහසක්

රත්ගම රත්න උදාගම ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර වලස්මුල්ල ප්‍රදේශයේ කැලෑවකදී ඔවුන්ගේ සිරුරු ගිනිතබා විනාශ කිරීමට සිවිල් පුද්ගලයෙකු ද සම්බන්ධ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හඳුනා ගෙන තිබෙනවා.

මෙම අපරාධයට සම්බන්ධවූ සිවිල් පුද්ගලයා කවුද යන්න මෙතෙක් හඳුනා ගෙන නැති අතර ව්‍යාපාරිකයන්ගේ සිරුරු වලස්මුල්ල කැලෑවේදී විනාශ කිරීමට මග පෙන්වා ඇත්තේ මොහු විසින් බවයි හෙළිවී ඇත්තේ.

එම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන් ඇඳසිටි ඇඳුම් සියල්ල විනාශ කර තිබූ ස්ථානය සොයාගත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ට එම කසළ වළේ තිබී පිළිස්සුණු ජංගම දුරකථන දෙකක් ද හමුවී තිබෙනවා.

එම ජංගම දුරකථන දෙක ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගේ බවට සැක පල කෙරෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *