අතුරුදන්වූ සිසුව බලපිටිය වෙරළෙන් හමුවේ

අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මළ සිරුරක් බලපිටිය – හරස් පොල වෙරළ තීරයට ගොඩ ගසා තිබියදී අද සොයා ගැනුණා.

ලබන වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි බලපිටිය – පාතගම පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවා අතුරුදන්ව ඇත්තේ මීට දින දෙකකට පෙරයි.

දරුවන් 04 දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා වන මෙම පාසල් සිසුවා අතුරුදන්වීම සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් අහුංගල්ල පොලිසියට පැමිණිලි කර තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *