කොරියාවේදී තෙරපීමකින් මිය ගිය ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් වන්දි

කොරියාවේද තෙරපීමකින් මිය ගිය ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් අවශ්‍ය වන්දි ගෙවීමට එරට රජය තීරණය කළා.

කොරියාවේ හැලොවින් සැමරුම අතරතුර ඇති වූ තෙරපීමෙන් පුද්ගලයන් 156 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඉන් 6 දෙනෙකුම විදේශිකයන් සිද්ධියෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා සම්බන්ධයෙන් තම රජයේ අවධානය යොමු කර ඇතැයි මෙරට කොරියානු තානාපති සන්තුෂ් වොන්ජින් ජියෝන් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කළා.

ඒ අග්‍රාමාත්‍යවරයා හා තානාපතිවරයා අතර පැවති හමුවකදීයී. සිද්ධියෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා වන්නේ මහනුවර උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ජිනාත් මහතායි. මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් මෙන්ම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ආධාර ලබා දෙන බව තානාපතිවරයා මෙහිදී කියා සිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *