ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය ආන්දෝලනාත්මක තිරණයක..නාලිකාවක් නවතී.. බුද්ධික වික්‍රමාදරට බලය පවරයි

ලයිකා ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන නාලිකාවක් එම නමින් විකාශය වීම නවතාලීමට නියමිතයි.

එය ‘ මොනර ටීවී ‘ ලෙස නම් කර යළි එළිදැක්වීමට සුදානම් වනවා.

ස්වර්ණවාහිනී,SBC ,ETV සහ ආදවන් TV එම ආයතනය සතු දැනට ක්‍රියාත්මක රුපවාහිනී නාලිකායි .

මෙම වගකීම බාරගෙන ඇත්තේ ලයිකා ශ්‍රී ලංකා සමාගමේ රුපවාහිනී නාලිකා සමුහයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ඊයේ (12) වැඩබාරගත් බුද්ධික වික්‍රමාදරයි.

දශක දෙකකට පෙර ITN මාධ්‍ය ජාලය සමඟ එක්වෙමින් ඉන් පසුව MTV නාලිකා ජාලය සමග බුද්ධික වික්‍රමාදර එක්වුණා.

පසුව සිරස ටීවී සති අන්ත ප්‍රධානි සහ TV 1 නාලිකාවේ නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කළ ඔහු MTV නාලිකාවේ නාලිකා ප්‍රධානියා ලෙසද කටයුතු කළා.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කළ බුද්ධික වික්‍රමාදර මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම වෙළෙඳ ප්‍රචාරණ ආයතනයක ප්‍රධානියා ලෙස කටයුතු කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *