මොනරාගල පොහොට්ටු මන්ත්‍රී පහෙන් හතරක් රනිල්ට

මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස්දෙනාගෙන් හතරදෙනෙකුගේ සහාය ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට අද (12දා) මොනරාගල වැල්ලවාය පාර සීලාන් රීච් නිවාඩු නිකේතනයේ පැවති රැස්වීමකදී තීරණය කෙරිණි.

නිවාස හා නාගරික සංවර්ධන ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

මොනරාගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විදේශ රැකියා රාජ්‍ය ඇමති ඒ.පී ජගත් පුෂ්පකුමාර පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය ඇමති විජිත බේරුගොඩ,මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම කුමාරසිරි රත්නායක,පා.ම වෛද්‍ය ගයාශාන් නවනන්ද යන මහත්වරුන් මෙසේ සහාය පළකර සිටියහ.

ඌව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා වල සභාපතිවරුන් උප සභාපතිවරුන් ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විශාල් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර ඔවුන් සියලු දෙනා දෑත් ඔසවා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ප්‍රතිඥා දුන්හ.

මොනරාගල සුමනසිරි ගුණතිලක

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *