මේ වනවිට ලොව පුරා ව්‍යාප්ත වන මංකිපොක්ස් හෙවත් වඳුරු උණ රෝගය සම්බන්ධයෙන් මෙරට ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
එම උණ රෝගය සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය අධ්යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව කියා සිටියේය.
මේ වනවිට ලොව පුරා ආසාදිතයින් 92ක් හඳුනාගෙන ඇති බවත්, එම උණ රෝගය බොහෝ අවස්ථාවලදී ඉබේම සුව වෙන රෝගයක් බව ද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා,
“මංකිපොක්ස් වෛරස් එක මැයි මාසයේ 13 වනදා ඊයේ දිනය දක්වා මේ වනවිට ලොව පුරා රෝගීන් 92ක් වාර්තාවෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේක ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂිත අධ්‍යයනයක යෙදෙනවා මංකිපොක්ස් වෛරසය මේ රටවල්වලින් වාර්තා වුණේ අසාමාන්‍ය ආකාරයට. විශේෂයෙන්ම මේ මංකිපොක්ස් වෛරසය අලුත් වෛරසයක් නෙමෙයි. මේක කාලයක් පුරා තිබුණ වෛරසයක්. මේක සාමාන්‍ය පීසීආර් එකකින් සිදුකළ හැකියි. මේකේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. දැනට ලංකාවේ ජනතාව මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. මොකද තාම ලොව පුරා අනෙක් රටවල්වලට වැඩිපුර පැතිරිලා නැති නිසා. මේක බොහෝවිට ඉබේම සුවවෙන සාමාන්‍ය වෛරස රෝගයක්. රෝග ලක්ෂණ ගත්තහම උණ, හිසරදය විශේෂයෙන්ම වසා ගැටති ඉදිමීම. අධික වෙහෙස ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ තියෙනවා. බෝවෙන ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ඔබ මුහුණට මුහුණ ගැටුණොත්. ඒ තරල මඟින් බෝවීමේ හැකියාවක් තියෙනවා. ඩිරෙක්ට් ෆිසිකල් කන්ටැක්ට් මඟින් බෝවිය හැකියි. ඒ වගේම ආසාදනය වූ පුද්ගලයෙකුගේ භාවිත කරපු ඇඳ ඇතිරිලි හා පිඟන් කෝප්ප මඟින් බෝවිය හැකියි.”