යෝද තල්මසෙකු ගැටීමෙන් ජපන් නෞකාවක් අනතුරට ලක්වේ – මගීන් 80කට තුවාල

තල්මසෙකු ගැටීමෙන් ජපානයට අයත් නෞකාවක් අනතුරට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ජපන් මුහුදු සීමාවේදී අදාළ නෞකාව මෙලෙස තල්මසෙකු සමග ගැටී ඇති බවයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ නිගාටා වරායේ සිට සදෝ දූපත බලා යාත‍්‍රා කරමින් තිබූ අධිවේගී නෞකාවක්. අනතුරට පත්වන අවස්ථාවේ නෞකාව තුළ මගීන් 121 දෙනෙකු හා කාර්යය මණ්ඩල සාමාජිකයින් සිව් දෙනෙකු සිට තිබෙනවා.

කෙසේවෛතත් අනතුරෙන් මගීන් 80දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි සඳහන්. සිද්ධියෙන් නෞකාවට ද සුළු අලාභ හානි සිදුව තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *