ගුවන් යානයක් පියාසර කළ අම්මයි දුවයි

ගුවන් නියමු මවක් සහ දියණියක් අමෙරිකන් ගුවන් යානයක් පියාසර කළ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රධාන නියමුවා සහ සහාය නියමුවා ලෙස මෙම දෙදෙනා කටයුතු කර ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයේ යානයකි.

මොවුන් දෙදෙනා එක් වී පියාසර කර ඇත්තේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට ඇට්ලැන්ටාවේ ජෝර්ජියා තෙක් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ගුවන් නියමුවරියන් ගැන විස්තර සහ ඡායාරූප පළමුවෙන් පළවූයේ ට්විටර් ඇතුළු සමාජ ජාල ඔස්සේයි.

ලොව ප්‍රධාන පෙළේ ගුවන් නියමුවන් ඇතුළු බොහෝ දෙනාගෙන් මෙම මව සහ දියණියට සුබ පැතුම් හිමි වී ඇති බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *