පුද්ගලයින් 50 දෙනෙකුගේ ජිවිතය උදුරා ගත්තාක් මෙන් සිය පුත්‍රයා ගේ ජිවිතයද අවසන් විය යුතු බවට නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් ටෙරන්ට් ගේ මව පවසනවා.
ඕස්ට්‍රේලියානු රූපවාහිනි නාළිකාවක් විසින් සිදුකරන ලද සම්මුඛ සාකච්ජාවකදි ඇය මේබව සඳහන් කර තිබෙනවා.
සැකකාර බ්‍රෙන්ටන් ටෙරන්ට් විසින් මුස්ලිම් ජාතිකයින් ඝාතනය කරන අයුරු රැගත් විඩියෝව නැරඹිමට තරම් ශක්තියක් තමන්ට නැතැයි යන්න ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
“මෙය ඉතා වේදනාකාරී. ඔහුට හිමිවිය යුත්තේ මරණ දඩුවමයි. මේ ආකාරයෙන් මම කිව්වත් ඔහු අපේ පවුලේ කෙනෙක්. නමුත් මේ තරම් පිරිසකගේ ජිවිත උදුරාගත්තු ඔහුට මරණ දඩුවම හිමිවිය යුතුයි” පුද්ගලයින් 50 දෙනෙකුගේ දිවි අහිමිකල බ්‍රෙන්ටන් ටෙරන්ට් ගේ මව ප්‍රකාශ කර සිටියා.