මොටිවේෂන් අප්පච්චි අරගල භූමියෙන් පන්නයි

ජනාධිපතිවරයාට ඉවත් වන අය බලකරමින් ගාලු මුවදොර පිටියේ මාසයක පමණ කාලයක් තිස්සේ පැවැත්වෙන අරගලයේ ආරම්භක නායකයෙකු ලෙස කටයුතු කළමෝටිවෙෂන් අප්පච්චි ලෙස හැදින්වෙන පුද්ගලයා එම අරගල භූමියෙන් පන්නා දමා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුල වීඩියෝවක් පලවී තිබෙනවා

අරගලය සදහා යයි කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කළ බවත් එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් මෙම විරෝධතාවයට පහර දෙන අවස්ථාවේදී ඔහු එම අවස්ථාව මඟ හැර පළා ගියේ යෑයි ද එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ඔහු හා අරගල භූමියේ පිරිසක් අතර මතගැටුම් ඇතිවිය.

අරගල භූමියේ සිටින බොහෝ පිරිසක් අප සමග පැවසුවේ ස්වාධීන අරගලකරුවන් ලෙස පෙනී සිටින පිරිස් තම ජනප්‍රියත්වය ඉහළ දමා ගැනීම සහ මුදල් යටි මඩි ගැසීමේ අරමුණින්ම මෙම ස්ථානයේ කටයුතු කරන බවත් ඔවුන් මෙහි සැබෑ ලෙසම අරගලයේ සිටිනා යම් කණ්ඩයමක් අතට මෙහි පාලනය ලබාදීමට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් හැසිරෙන බවයි. විශේෂයෙන්ම යු ටියුබ් නාලිකා පවත්වාගෙන යන පිරිස් ‌මින් ප්‍රධාන බවද ඒම ප්‍රකාශකයා පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published.