පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීණ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිසිය පැවසුවේ අනුරාධපුර, ගුවන් තොටුපොළ පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ඊයේ(17) රාත්‍රී 10.30 පමණ ඔහුගේ මෝටර් රථයට වෙඩි තබා ඇති බවයි.

මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැස, ගේට්ටුවෙන් නිවසට ඇතුලුවන අවස්ථාවේදී වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.

ඉන්, මන්ත්‍රීවරයාට කිසිදු හානියක් සිදුවී නොමැත.

වෙඩි තැබීම කර ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් බව පොලීසිය සඳහන් කළේ ය.

එහිදී මෝටර් රථයේ පිටුපස අසුන ඉලක්ක කර වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති අයුරු දක්නට ලැබෙන බව, අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසීය විමර්ශන ආරම්භ කර තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *