එල්ල වන කුඩු චෝදනා ගැන මන්ත්‍රී කතා කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන්ට එරෙහිව පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල කර තිබුණා.

මාකඳුරේ මදූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන් නැමැත්තා සමග සබඳතා පැවැත්වූ බවටයි එහි සඳහන් වුණේ.

එම වාර්තා සම්බන්ධයෙන් මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා අදහස් පළ කරමින් සඳහන් කරන්නේ සැඟව සිට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මඩ ප්‍රචාර එල්ල කරන පිරිස්වලට එරෙහිව නීතියෙන් පියවරක් ගැනීමට අවස්ථාව තිබිය යුතු බවයි.

සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින්ගේ ප්‍රතිරූපයට හානි දායක අයුරින් පුවත් නිර්මාණය කරන පිරිස්වලට එරෙහිව නීති සම්පාදනය කළ යුතු බවද ඔහු පවසනවා.

තමාට සිදුවෙමින් ඇති අපහාස සහ බොරු ප්‍රචාර පිළිබඳවද ඉදිරියේදී නීතිමය පියරව ගන්නා බවත් ඒ පිළිබඳව තමා තොරතුරු රැස් කර ඇති බවද පෙන්වා දුන්නා.

සැඟව සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ ආකාරයෙන් අපහාස සිදු කරන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය තත්ත්වයක් රට තුළ ඇති කළ යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *