කොවිඩ් සටනට ‘කෝටිපතියාගෙන්’ කෝටි 500ක්.. ඊට අමතරව දිනකට මුඛ ආවරණ ලක්ෂය බැගින්.. සහන මලු ලක්ෂ 50ක්

ඉන්දියාවේ ධනවතුන් අතර අංක 01 දරන මුකේෂ් අම්බානි විසින් එරට පැතිරෙන කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිහිට වූ PM care නම් විශේෂ අරමුදලට ඉන්දීය රුපියල් කෝටි 500ක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

අගමැතිවරයා විසින් මෙම අරමුදල පිහිටවනු ලැබුවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකිරීමට සූදානම් වන නවරෝහලක් වෙනුවෙනි.

මුකේෂ් අම්බානි සිය රිලයන්ස් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගම හරහා මෙම මුදල් ප්‍රදානය සිදු කර තිබෙනවා.අම්බාන් මීට පෙරද වෛරසය මැඬපැවැත්වීමේ වැඩසටහන් වෙනුවෙන් මහාරාෂ්ථ හා ගුජරාට් යන ප්‍රාන්තවලට ඉන්දීය රුපියල් කෝටි 05 බැගින් ප්‍රදානය කර තිබෙනවා.

මෙම මුදල් ප්‍රදානයන්ට අමතරව වසංගතය පිටු දැකීම සඳහා දිනකට ආරක්ෂක මුඛ ආවරණ ලක්ෂය බැගින් නිෂ්පාදනය කර ලබාදීමටත්, ආහාර මලු ලක්ෂ 50ක් බෙදා හැරීමටත්, අත්‍යවශ්‍ය සේවා සඳහා භාවිත කරන රථ වෙනුවෙන් ඉන්ධන ලබා දීමටත් අම්බානි ඉන්දීය රජයට පොරොන්දු වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *