මුලතිව් කැළයෙන් විශාල පිපිරීම් හඩක්

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ 9 දා රාත්‍රි කැලයක ගින්නක් හටගැනීමෙන් පසුව එම කැළය තුළින් විශාල පිපිරීමක හඩක් ඇසී තිබේ.

රාත්‍රියේ ඇති වු ගින්න නිසා කැළයක තිබූ බෝම්බයක් වැනි යමක් ගින්නට හසු වී පුපුරා යාමෙන් ඒ හඩ ඇසෙන්නට ඇතැයි මුලතිව් මුල්ලිවයික්කාල් ගම් වැසියෝ කියා සිටියහ.

මුලතිව් පොලීසියෙන් විමසූ විට පොලීසිය කියා සිටියේ එම පළාතේ ගින්නක් හට ගත් නමුත් පිපිරීමක් පිළිබදව ඔවුන්ට තොරතුරු ලැබි නොමැති බවයි.

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පැවසූවේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර‍ධාන මාර්ගය ආසන්න ප්‍රදේශයේ එලෙස පිපුරුම් හඩක් ඇසුණු බවයි.

මුල්ලිවයිකාල් යුද හමුදා කදවුර හා මුලතිව් නාවික හමුදා කදවුරු භූමිය පිහිටි අතරමැදි කලාපයේ අදාළ පිපිරීම් හඩ ඇසුණු බවද මුල්ලිවයික්කාල් ප්‍රදේශවාසීන් පැවසූහ.

යුද්ධයේ අවසන් සටන් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වු අතර එම යුද සමයේදී දෙපාර්ශ්වය විසින්ම භාවිත කරණ ලද බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය මේ ප්‍රදේශයේ කැළෑ වල තිබී වරින් වර හමුවෙයි.

මෙසේ පුපුරා යන්නට ඇත්තේද එවැනි බෝම්බයක් විය හැකි බවට විස්වාස කෙරෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *