රට වෙනුවෙන් IPL යන්නේ නෑ කී මාලිංග දැන් ඉන්දියාවට යන ගමන්ලු – ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි විවේචනයට ලක්වේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පළමු තරග හය සඳහා ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේ දේශීය තරග සඳහා සහභාගිවන බව සඳහන් කළ ලසිත් මාලිංග පළමු තරග සඳහා සහභාගිවීමට ඉන්දියාව බලා යමින් සිටින බව වාර්තා වනවා.

මාලිංග දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාව බලා පැමිණෙනු ඇති බවයි ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වර්තා කරන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කර තිබෙන සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීම සියලු ක්‍රීඩකයන්ට අනිවාර්ය කිරීම හේතුවෙන් ලසිත් මාලිංග මීට පෙර පවසා සිටියේ අයි. පී. එල් තරඟාවලියේ පළමු තරඟ 6 සහභාගී නොවන බවයි.

මෙම තරඟාවලියේ ගාල්ල කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව විවේචනය කර ඇති අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන ප්‍රකාශ කර සිටින්නේ IPL තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සිදුකරන අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සුපිරි පළාත් තරඟාවලිය පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොතිබූ බවයි.

කෙසේ නමුත් IPL පළමු තරග සඳහා එක්ව පසුව සුපිරි පළාත් තරඟාවලිය සඳහා ඔහු එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *