මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇත.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේවන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙලෙස රෝහල් ගතව ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයේ ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර පසුගිය 17 වනදා මුරලි සිය 49වන උපන්දිනය සමරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *