ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයා බ්‍රිතාන්‍යයේ දී පිහියෙන් ඇන මරා දමයි

බ්‍රිතාන්‍යයේ දිවි ගෙවූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු මංකොල්ලකරුවෙකු එල්ල කළ පිහි ඇනුමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

වයඹ දිග ලන්ඩනයේ පුවත්පත් නියෝජිතවරයෙකු ලෙස ක්‍රියා කළ 54 හැවිදිරි රවී කතකමාර්ට අයත් සිල්ලර භාණ්ඩ සාප්පුව මංකොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පහළ කරනවා.

පොලිසිය පවසන්නේ, ඔහු උදෑසන හයට සාප්පුව විවෘත කරන අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බවයි.

රවී කතකමාර් සිහිසුන්ව බිම වැටී සිටි ආකාරය සාප්පුව පසු කර යන පුද්ගලයෙකු දැක ඇති අතර, ඉන් මිනිත්තු 45කට පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සාප්පුවේ තිබූ මුදල් ලාච්චුව සොරකම් කර තිබූ අතර, බොහෝ දුරට එය යම් ස්ථානයට විසි කර ඇතැයි පරීක්ෂකයෝ පවසන අතර මේ වනතෙක් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති බවයි බිබිසි වාර්තාවේ දැක්වෙන්නේ.

“මෙය ඉතා අහිංසක මිනිසෙකුට එල්ල කළ කුරිරු සහ අසාධාරණ ප්‍රහාරයක්” යැයි පොලිස් නිලධාරියෙකු වන සයිමන් ස්ටැන්කෝබ් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා..

සිද්ධිය වූ වෙලාවේ එම ස්ථානයේ සිට ඉතා වේගයෙන් ධාවනය වූ කළු පැහැති වොක්ෂෝල් රථයක් පිළිබඳ තොරතුරු සොයන බව එරට පොලිසිය පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *