“කිසිදු ආගමකට විශේෂ අවස්ථා නෑ.. මුස්ලිම් සිරුරු වෙනම දෙන්න බෑ” – හකීම්ගේ මූණටම වෛද්‍ය අනිල් ජාසිංහ කියයි (Video)

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමට වූ ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැහැදිලි කිරීමක් කර සිටියා.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති පක්ෂ නායක හමුවේදී ඔහු කියා සිටියේ පවතින විශේෂ තත්වයේ සියළු කාරණා සැලකීමේදී කිසිදු ආගමකට හෝ කිසිදු ජාතියකට එවන් විශේෂ අවස්ථාවක් ලබාදිය නොහැකි බවයි. ‍

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක හිටපු ඇමති රවුෆ් හකීම් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් මත තම පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කර සිටියා.

අවසන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරන ලද්දේ තමන් උපදෙස් ගන්නේ නිලධාරීන්ගෙන් බවත් ඔවුන් මෙම වසංගත විෂය සම්බන්ධයෙන් ප්‍රවීණයන් නිසා තමන් ඔවුනට ඉහළින් කටයුතු නොකරන බවත් ඔවුන්ගේ තීරණය අවසන් තීරණය ලෙස තමන්ද සලකන බවත්ය.

You May also like

1 Comment

  1. අපි ලෝක සෞඛ්‍යය සOවිධානයට වඩා ලොකුද..??

Leave a Reply

Your email address will not be published. Required fields are marked *