මාකඳුරේ මධුෂ් උපදින වේලාවේ එයාගෙ අම්මට වින්නඹුකම් කළේ තමන්ගේ මව බවත් මධුෂ් පුංචි කාලයේ සිට තමන්ගේ හොඳ යාළුවෙක් බවත් අත්අඩංගුවේ පසුවන බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තා පොලිස් ප්රශ්න කිරීම් හමුවේ ප්රකාශ කර තිබෙනවා.
මාකඳුරේ මධුෂ් සංවිධානය කළ ඩුබායි සාදයට සහභාගි වී සිටියදී අත්අඩංගුවට පත්ව පසුව පිටුවහල් කරනු ලැබූ ලලිත් කුමාර යන අය කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ සිටියදී මේ බව කියා සිටියා.
මෙහිදී තවදුරටත් ප්රකාශ කළ හිටපු බන්ධනාගාර නියාමකවරයා මෙසේ ද කියා තිබෙනවා.
“ඩුබායි පැවැත්වෙන උපන් දින සාදයට මධුෂ් මට ආරාධනා කළා. ඩුබායි එන්න ටිකට් පවා අරගෙන දුන්නෙ මධුෂ්. මධුෂ්ගෙ අම්මයි මගේ අම්මයි හොඳ යාළුවෝ. අපි හිටියෙ එක ගමේ.
මධුෂ් රිමාන්ඩ් එකේ ඉන්න කොට මම එයාට උදව් කළා. ඒ නිසා අපි අතරේ තිබුණු මිත්රත්වය තවත් වැඩි වුණා “