තලේබාන් නායකයෙකුට අභිරහස් ප්‍රහාරයක්

 

ඇෆ්ගනිස්තානයේ ෆර්යාබ් පළාතේ දී ජ්‍යෙෂ්ඨ තලේබාන් නායකයකු ඉලක්ක කරගෙන අභිරහස් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ.

පළාතේ දිස්ත්‍රික්ක හතම තලේබාන් ග්‍රහණයට නතුව ඇති අතර ,අගනුවර වන මයිමානා ප්‍රදේශයේ ද දරැණු ගැටුම් පවතින බව වාර්තා වේ.

ඒ අතරතුර අල්ලා ගත් ප්‍රදේශයක පැවති තලේබාන් ප්‍රාදේශීය නායකයන්ගේ රැස්වීමකට සම්බන්ධවී ආපසු යමින් සිටි තලේබාන් නායක මුෆ්ටි ඉස්මයිල්ගේ මෝටර් රථයට මෙම අභිරහස් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහි වගකීම මෙතෙක් කිසිවකුත් භාරගෙන නොමැත.

ප්‍රහාරයෙන් තලේබාන් නායකයාගේ දිවි ගැලවී ඇතත්,ඔහුගේ ආරක්ෂකයන් පස් දෙනෙකු මියගොස් තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *