අද (19) පෙරවරුවේ ස්වර්ණවාහිනියට ඇතුළු වීම තහනම් කර ඇත්තේ ප්රසිද්ධ රුපවාහිනී පුවත් නිවේදකයෙකු වන නදීක කරුණානායක සහ තිළිණි පෙරේරා යන දෙදෙනා ඇතුළු පිරිසකට බව වාර්තා වනවා.
සේවකයන් වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමේ සිදුවීමේ සිදුවීමට අදාළව සේවකයින් 15දෙනෙකුගේ සේවය මේ වනවිට ස්වර්ණවාහිනිය විසින් අත්හිටුවා තිබෙනවා.
ස්වර්ණවාහිනී ආයතනයේ සේවය කරන සේවකයන් 300කගෙන් 270ක පමණ පිරිසක් මෙම වෘත්තීය සමිතිය හා එක්ව තිබෙනවා
ඒ අතර නාළිකාවේ පැරණි සේවකයන් රැසක්ම සිටිනවා.
මෙම තත්ත්වය හේතුවෙන් සජීවීව විකාශය කරන live @12 පුවත් විකාශය ද මේ වන විට පටිගත කරමින් සිටින අතර එය සජීවී බව හඟවමින් විකාශය කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන බවයි සේවකයන් පවසන්නේ.
තත්ත්වය සමතයකට පත් කිරීම සඳහා සේවකයන් පාලනාධිකාරියට පැය 18ක කාලයක් ලබා දී තිබෙනවා.
එම කාලය තුළ සේවය අත්හිටවූ පිරිසට යළි සේවයට වාර්තා කරන ලෙස දැනුම් නොදුන හොත් බරපතල ක්රියාමාර්ග ගන්නා බවයි සේවකයන් පවසන්නේ.
(සම්බන්ධිත පුවත් – ස්වර්ණවාහිනියේ විකාශය අත්හිටුවීමට සුදානම්..සජීවී වැඩසටහන් නෑ- සේවකයන් සටනේ )