ඩුබායි අත්අඩංගුවේ සිටින ‘මධුෂ් ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටින’ කාන්තා නීතිඥවරිය

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබා සිටින ගායන ශිල්පී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා හැර සෙසු පිරිස වෙනුවෙන් පෙනී සිටීමට එරට නීතිඥවරියක්‌ ඉදිරිපත් වී සිටින බව වාර්තා වනවා.

නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි එරට සිට දුරකතනයෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කර තිබෙනවා.

අමල් සහ නදීමාල් සම්බන්ධව පමණක්‌ ඔහු පෙනී සිටින නිසා එරට පොලිසියෙන් ඔවුන් දෙදෙනා පිළිබඳ විස්‌තර පමණක් ලැබුණු බව සඳහන් කර ඇති ඔහු ,තවත් පිරිසක්‌ සම්බන්ධව අරාබි භාෂාවෙන් සටහන් කළ වාර්තාවක්‌ දුටු බවයි සඳහන් කර ඇත්තේ.

මත්ද්‍රව්‍ය ගත් බවට සැකකරන චෝදනාවේ සත්‍ය හෙළිකර ගත හැක්‌කේ ඔවුන් සම්බන්ධව දැනට සිදුකර ඇති මුත්‍රා පරීක්‍ෂණයේ වාර්තාව ලැබුණු පසුව වන අතර මෙම වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ද නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *