මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස අතරින් දෙදෙනෙකු ඩුබායි අධිකරණය විසින් එරටින් පිටුවහල් කර තිබෙනවා.
ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ මෙලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (27) අලුයම මෙම දෙදෙනා ලංකාවට පැමිණි විගස පොලිසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.