මාකඳුරේ මධුෂ් සමග සිරගතව සිට ලංකාවට පිටුවහල් කරනු ලැබූ ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ මෙරටට පැමිණෙන විට බලධාරීන් කිසිවෙකුත් නොදැන සිටි බව වාර්තා වනවා.
අද (27) අලුයම මෙම දෙදෙනා ලංකාවට පැමිණ ඇත්තේ ෆ්ලයි ඩුබායි යානයකින්.
ඔවුන්ව හඳුනාගෙන ඇති ආගමන විගමන නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.