ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා නිදහස් කර තිබෙනවා.
ඒ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
…………………………………….
නදීමාල් අත්අඩංගුවට ගත්තේ නෑ – පොලිසිය කියන කතාව
මාකදුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායි වෙතින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළින් අද (27) අලුයම ලංකාවට පැමිණියත් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන නොමැති බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.
පසුගිය පෙබරවාරි 03 වැනිදා ඔවුන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
වයස අවුරුදු 24ක් වූ නදීමාල් පෙරේරා සහ බන්ධනාගාර හිටපු නායාමකවරයෙකු වූ ලලිත් කුමාර පොලිස් මූලස්ථානය මුලින් නිවේදනය කළේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඔවුන් දෙදෙනාව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විනිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
කෙසේවෙතත් ඉන් ටික වේලාවකට පසුව යළි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන නොමැති අතර ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරමින් සිටින බවයි.
ඉන් අනතුරුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කරනු අති බවද පෙන්වා දෙනවා.
.