මධුෂ් සහ අමල් පෙරේරාගේ සම්බන්ධය පුතා හෙළි කරයි – පොලිසිය කිව්ව දේ මෙන්න

තමන් ඩුබායි යනවිට මාකදුරේ මදූෂ්ගේ සාදයක් සඳහා යන බව දැන සිටි බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසියට සඳහන් කර තිබෙනවා.

අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලේ දී රහස් පොලිසියට කට උත්තරයක් දෙමින් ඔහු පවසා ඇත්තේ තම පියා ඒ බව ශ්‍රි ලංකාවේ දී තමන්ට සඳහන් කළ බවයි.

මාකදුරේ මදූෂ් ඇතුළු ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායි වෙතින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපළින් අද (27) අලුයම ලංකාවට පැමිණියා.

එහිදී පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කර නිදහස් කරනු ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *