විශ්ව විද්‍යාල නවක සිසුවියන්ට නාන කාමරේ සිට ‘නිරුවතින් වීඩියෝ කෝල් ගන්න’ බලපෑම් – සාක්ෂි මෙන්න

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල බළධාරීන් පවසනවා.

විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් කරුණු වාර්තා වි තිබෙනවා.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්ව විද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබුණා.

කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිනීමේදී දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බව විශ්ව විද්‍යාල සිසුහූ පවසනවා.

නවක වදය ලබාදුන්නා යැයි පැවසෙන සිසුන්ගේ ජායාරූප හා නාන කාමර වෙත ගොස් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට ඉල්ලීම් කළ පණිඩිඩව පහත දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *