හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි නඩුව ජූලි මස 19 වනදා

හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියට අදාළව ඇප මත සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි නඩුව ජූලි මස 19 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත්වරයායි නියෝගය නිකුත් කළේ.

මෛත්‍රිපාල සිරිසේන / ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන් සහ පොලිස් අධිකාරීවරයෙකු ඝාතනයට කුමන්ත්‍රණය කළ බවට නාලක සිල්වා සහ හිටපු අපරාධ කල්ලි නාලක මාකදුරේ මදූෂ් යන අයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.

පොලිස් අත්අඩංගුවේ සිටියදී ඇතිවූ ගැටුමකින් මදූෂ් මියගොස් ඇති බැවින් නාලක සිල්වා යන අයට එරෙහිව මෙම නඩුව ක්‍රියාත්මකයි.

ඒ අනුව නඩුව අද කැදවූ අවස්ථාවේ නාලක සිල්වා යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඉදිරි දින එහි ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කෙරුණා.

දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදුකළ පැමිණිල්ලකට අනුව රහස් පොලිසිය මෙම නඩුව පවරා ඇත්තේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *