නාමල් සහ අමිත් අත්අඩංගුවට

මහසෙන් බලකායේ ප්‍රධානී අමිත් විරසිංහ පොලිස් විශේෂ කණ්ඩායමක් විසින් මහනුවර තෙල්දෙණියේදි අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.

වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.

හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ අතර මෙහිදී නාමල් කුමාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බව වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *