පොලිසිය සහ STF යොදවා ක්‍රීඩා ලෝලීන්ට පහරදීම ගැන නාමල්ගේ විරෝධය ..කඩිනම් පරීක්ෂණයක් ඉල්ලයි

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර තරගයේදී පොලීසිය හා ආරක්ෂක අංශ විසින් ප්‍රේක්ෂයින්ට පහරදීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අතර කඩිනම් පරීක්ෂණයක් පවත්වා නැවතත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇති නොවීමට රජය කටයුතු කළ යුතු බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ.

සූරියවැව ක්‍රීඩාංගණයේ ඊයේ (26දා) ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති එක්දින ක්‍රිකට් තරගය නැරැඹීමට පැමිණි ක්‍රීඩාලෝලීන්ට පොලිසිය, විශේෂ කාර්ය බළකාය ඇතුළු ආරක්ෂක අංශවල පහර කෑමටද සිදු වුණා.

ක්‍රිකට් තරග නැරඹීමේ අපේක්ෂාවෙන් පැමිණි ක්‍රීඩාලෝලීන්ට ටිකට්පත් ලබා ගැනීමට කවුළු දෙකක් පමණක් විවෘත කර තිබීම නිසා ටිකට් ලබා ගැනීමට ක්‍රීඩාලෝලීන් පොරකෑමට පටන් ගැනීමත් සමඟ ඇති වූ නොසන්සුන්තාව නිසා දැඩි උණුසුම්කාරී වාතාවරණයක් ඇති වූ අතර මෙහිදී පිරිස විසුරුවා හැරීමට ගත් උත්සාහයත් සමඟ ආරක්ෂක අංශ හා ක්‍රීඩාලෝලීන් අතර ආරවුලක් හට ගැනුණා..

පසුව ආරක්ෂක අංශ තරගය නැරඹීමට පැමිණ සිටි පිරිසට පහරදී පලවා හැරීමට පියවර ගත් අතර එහිදී කිහිපදෙනකු තුවාල ලැබුවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *