හිටපු ඇමති නාමල් නිකුත් කළ ගැසට්ටුවකට අතුරු තහනමක්

ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාළමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබා දී තිබේ.

ඒ, ලබන ජුනි මස 30 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදියි.

එම නියෝගය නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා රග්බි සංගමය අත්හිටුවමින් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *