බුද්ධිමත්, උගත් යැයි කියාගන්නා දේශපාලඥයන් ගැන මම කණගාටු වෙනවා

හිටපු අමාත්‍ය චන්න ජයසුමන පසුගියදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ බුද්ධිමතුන්, උගත් යැයි කියාගන්නා පටු අදහස් ඔස්සේ තම දේශපාලන න්‍යාය පත්‍ර ඉදිරියට ගෙන යාමට පමණක් උනන්දු වන ඇතැම් දේශපාලනඥයන් පිළිබඳව තමා කණගාටු වන බවයි.

ඉදිරි අයවැය පරාජයට පත්වන බව චන්න ජයසුමන ඉකුත්දා ප්‍රකාශ කර සිටියේ ය.

එවැනි ප්‍රකාශයක් කලේ ඔහු පක්ෂය හැර ගිය නිසා බවද රාජපක්ෂ පැවසීය.

“අපි මේ අදහස් විවේචනය නොකර ජනතාවගේ පැත්තේ සිට තීරණ ගත යුතුයි” හෙතෙම වැඩිදුරටත් පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *