ලොව වැඩිම ආදායම් ලබන ටෙනිස් ක්‍රීඩිකාව ජපානයෙන්

ජපාන ටෙනිස් ක්‍රීඩිකා නයෝමි ඔසාකා ලොව වැඩිම ආදායම් ලබන ටෙනිස් ක්‍රීඩිකාව බවට පත්ව තිබෙනවා. ඒ, මෙතෙක් එම ලැයිස්තුවේ පෙරමුණේ සිටි ඇමරිකාවේ සෙරීනා විලියම්ස් පසුකරමින්.

දෙවරක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනා ගත් 22 හැවිරිදි ඔසාකා, පසුගිය වසර තුළ පවුම් මිලියන 30.7ක මුදලක් උපයා තිබෙනවා.

එය සෙරීනා විලියම්ස් ඉපයූ මුදලට වඩා පවුම් මිලියන 1.15ක වැඩිවීමක්.

එසේම ලොව ඉහළම ආදායම් ලබන ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 100 දෙනාගේ ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවන්නේ ද නයෝමි ඔසාකායි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *