ජාතික ආණ්ඩුවට සියල්ල සුදානම් – ඇමති තනතුරුවල වෙනසක්

අය වැය විවාදය සිදුවන අතරතුරදී හෝ විවාදය අවසන් වූ වහාම එක්සත් ජාතික පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව යළි ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දෙපාර්ශ්වය පියවර ගනු ඇතැයි වාර්තා වනවා.

යළි ජාතික ආණ්ඩුවකට යෑමට ජනාධිපතිවරයාගේ ද අකමැත්තක් නැතැයි වාර්තා වන අතර ජනාධිපතිවරයාගේ පාර්ශ්වය නියෝජනය කරමින් විපක්‍ෂයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සියලූ දෙනා ඊට සහාය පළ කරන බවයි පැවසෙනවා.

ජාතික ආණ්ඩුව පිහිටු වූ පසුව යළි ඇමැති ධුර, නියෝජ්‍ය ඇමැති ධුර, රාජ්‍ය හා කැබිනට් නොවන ඇමැති ධුරවල සංශෝධනයක් සිදුවනු ඇතැයි ද වාර්තා වනවා.

ජාතික ආණ්ඩුවකට යෑම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන්නේදැයි සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් මාධ්‍ය කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ ඒ වෙනුවෙන් අලූතින් යෝජනාවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ආණ්ඩුව සමග සිටින නිසා මේ වන විටත් පවතින්නේ ජාතික ආණ්ඩුවක් යැයි කී කිරිඇල්ල මහතා ඉදිරියේදී සිදුවන්නේ ඇමැතිවරුන් ලෙස ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් දිවුරුම් දීම යැයිද සඳහන් කර තිබෙනවා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ පොදුජන පෙරමුණ අතර පුළුල් සංධානයක් ගොඩනැගීම සඳහා පැවැති සාකච්ඡා සියල්ල අසාර්ථක වීම නිසා ජනාධිපතිවරයා යළිත් වරක් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තම කැමැත්ත පළකර ඇති බවයි වාර්තා වන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *